ජනාධිපති ධුරය අහෝසියට ජනමත විචාරනයක් . . .

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බවත් ඊට කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බවත් වාර්තා වේ.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බවට මෙම සාකච්ඡාවේදී අදාළ පාර්ශව අවධාරණය කර ඇති බව ද දැනගන්නට ඇත.

ජනමත විචාරණයක් පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයාගේ විශ්වාසය බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලබන මාර්තු මාසය වනතෙක් ගමන් කර අලුත් අවුරුදු නිමාවෙන් පසුව යම් ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැඟෙනු ඇති බව මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස වේ. ඉන්පසුව සමාජ කතිකාවක් ඇරඹිය යුතු බවට සාකච්ඡා කර ඇත. පොදුජන පෙරමුණ, එජාප, සජබ, ජාජබ ඇතුළු සියලු පාර්ශවයන් ජනාධිපතිවරණ ගණනාවකදීම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව පොරොන්දු ලබාදීම හේතුවෙන් මීට විරුද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බව ද අනාවරණය කර ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකර ජනාධිපතිවරණය පවත්වනවා ද? නැද්ද? එසේ නොමැතිව ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ ද යන්න ගැන අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.

කෙසේ වුව ද මෙය අවසන් ජනාධිපතිවරණය විය යුතු බව ඔවුන් විශ්වාසය පළ කරයි.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙලියට ඔක්සිජන් දෙයි . . .

Sat Feb 10 , 2024
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කරයි. ඔහුට ඇති වී තිබෙන රෝග තත්වයන්ට ලබා දෙන්නේ ඔහු අමාත්‍ය ධුරය දරන කාලයේ ආනයනය කල ඖෂධ බවද හෙතෙම කියා සිටියි. සිංගප්පූරුවෙන් ගෙන්වන ලද ඖෂධ ඔහුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x