නිරුවත් අයෙක් රෝහල් වාට්ටුවට ඇතුළු වේ . . .

මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයෙක් ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් වාට්ටුවේ කලබලකාරී තත්ත්වයක් ඇති වූ බව මීරිගම පොලිසිය සඳහන් කරයි.

ඇඟේ කිසිදු ඇඳුමක් නොමැති පුද්ගලයෙකු වාට්ටුවට ඇතුළු වී එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක් නිදාගෙන සිටි ඇඳ මත වාඩිවී සිට ඇත.

අලුයම දැරිය අවදිවී මෙම පුද්ගලයා දැක මහ හඬින් කෑ ගසා ඇති අතර ඒ සමගම එම පුද්ගලයා පලා ගොස් තිබේ.

රෝහල විසින් මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුලී වාහන කොටස් කරන ජාවාරම් කල්ලියක් . . .

Sat Feb 10 , 2024
කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි. අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x