ෆොන්සේකා ඉවත් කරන්න සජිත්ගෙන් මෙහෙයුමක් . . .

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන් ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරන තිබෙන අතර එහි මුලින්ම මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිටින බව වාර්තා වේ.

සජබ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම පක්ෂයේ සභාපති ධුරය අහිමි කිරීමට ක්‍රියා කරන්නැයි ජ්‍යෙෂඨයෝ පිරිසක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇති බවත් විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කැඳවා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

සරත් ෆොන්සේකා සභාපති ධුරයේ තවදුරටත් තබා ගැනීම ඉදිරි මැතිවරණවලදී සජිත් ප්‍රේමදාසට බරපතළ බාධකයක් සේ සලකන බව ඔහුගේ ප්‍රකාශවලින්ද මේ වනවිට හෙළි වී තිබේ. මේ අනුව සමගි ජන බලවේගයේ තවත් බෙදීමක් ලඟදීම සිදු වනු ඇති බවට කරුණු පෙළ ගැසී ඇත.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොකු මැතිවරණ දෙකට යන වියදම . . .

Sun Feb 11 , 2024
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළ කෝටි දහසක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් හෙතෙම කීවේය එම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව දැනටමත් අනුමත කර ඇත. සුජිත් හේවාජුලිගේ

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x