ලෝක මැරතන් ශූරයා රිය අනතුරකින් මරුට . . .

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වේ.

අනතුර සිදුවන විට කෙන්යානු ක්‍රීඩකයා සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Kaptagat සිට Eldoret දක්වා ධාවනය කරමින් සිටියදී මෝටර් රථය පෙරළීමෙන් මොවුන් දෙදෙනාම මිය ගිය ඇතැයි සදහන්වේ.

අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙමින් පොලිසිය පැවසුවේ, කිප්ටම් රියැදුරු ලෙස කටයුතු කර ඇති බවත්, මෝටර් රථය “පාලනය කර ගත නොහැකිව පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනා එම ස්ථානයේදී ම මිය ගිය” බව ත් ය.

ඒඑෆ්පී උපුටා දක්වන ලද ප්‍රකාශකයෙකු පැවසුවේ, තුන්වන මගියා එනම්, කාන්තාවක තුවාල ලබා “කඩිනමින් රෝහල්ගත කර ඇති” බව ය.

පසුගිය සතියේ ඔහුගේ කණ්ඩායම නිවේදනය කළේ, ඔහු රොටර්ඩෑම් මැරතන් තරගයේදී පැය දෙකකට අඩු කාලයකින් දුර ධාවනය කිරීමට උත්සහ කරන බව ය. එය විවෘත තරගයකදී කිසි දා අත්කර නොගත් ජයග්‍රහණයකි.

දෙදරු පියෙකු වන ඔහු ඉතා කෙටි කලින් ජනප්‍රියත්වයට පත් විය. ඔහු පළමු වරට පූර්ණ මැරතන් තරගයක් සඳහා සහභාගී වූයේ 2022 වසරේදී ය.

තමන් සතුව සපත්තු යුගළක් නොතිබුණු බැවින් ඔහු මීට වසර හතරකට පෙර ඔහුගේ ක්‍රීඩා දිවියේ පළමු ප්‍රධාන තරගය සඳහා තරග කළේ, වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් සපත්තු යුගළක් පැළඳගෙන ය.

ඔහු දිගු දුර ධාවන තරග සඳහා සම්බන්ධ වීමට පෙර ධාවන පථවල කෙටි දුර ධාවන තරග සඳහා සම්බන්ධ වන අතීත සම්ප්‍රදායෙන් ඉවත් වී දිගු දුර තරග සඳහා ඍජුව ම සහභාගී වී තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නව කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

කිප්ටම් 2023 වසරේදී විශිෂ්ට මැරතන් ධාවකයෙකු වන එලියුඩ් කිප්චෝගේගේ ප්‍රතිවාදියෙකු ලෙස දැඩි අවධානයට ලක් විය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී චිකාගෝහිදී කිප්ටම් සැතපුම් 26.1ක් (කිලෝමීටර් 42) පැය දෙකයි තත්පර 35කින් වාර්තා කරමින් කිප්චෝගේ දක්ෂතාව අභිබවා ගියේ ය.

මෙම වසර අගදී පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ තරග වැදීමට කෙන්යාවේ තාවකාලික මැරතන් කණ්ඩායම සඳහා ද මෙම ක්‍රීඩකයින් දෙදෙනා නම් කර තිබිණි.

කිප්ටම්ට උපහාර දක්වමින් කෙන්යානු ක්‍රීඩා ඇමති අබාබු නම්වම්බා Xහි මෙසේ ලිවීය: “අතිශයින් ම ඛේදනීයයි!! කෙන්යාවට අහිමි වුණේ සුවිශේෂී මැණිකක්. ඒ ගැන කියා ගන්න වචන නෑ.”

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය වර්ජනය . . .

Tue Feb 13 , 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා පස්වරු 1:00 වන විට යුද්ධ හමුදා සාමාජිකයින් 1026ක් යොදවා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසයි. mawbima.lk සිදු කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x