අනුරගේ ගමනට විජේවීරගේ පුත‍්‍රයාගෙන් ප‍්‍රතිචාර . . .

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර අදහස් පල කරයි.

ඕනම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගැට ගැසී ඉදිරියට යා යුතු නමුත් තමනට ඇති උපාය මාර්ගගික ගමන තේරුම් ගත යුතු බවද හෙතෙම කියා සිටී.

ඓතිහාසික වශයෙන් ජීවිත පූජා කර පැමිණි උපාය මාර්ගික ගමනට පයින් ගසා යාමට කිසිවෙකුට හැකියාවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට ඉන්දියාව විශාල වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත් වෙමින් සිටින බවත් මෙරට සම්පත් මිලදී ගැනීම සඳහා ඔවුන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දෙන ඔහු ඉතිහාසයේ එවන් මැදිහත්වීම් වලට දැඩි විරෝධ පෑ පක්ෂය අද ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් හෙතෙම පවසයි.

ඕනෑම පක්ෂයකට ඉතිහාසයේ විවිධ නම් තිබුණද අද එම පක්‍ෂය තේරුම් ගත යුත්තේ වර්තමාන භාවිතය තුළින් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන්ට දැඩි කළ නීති රීති මාලාවක් . . .

Tue Feb 13 , 2024
කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් නීති කිහිපයක් පනවමින් යාපනය දිසාපතිවරයා විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. ඒ, අනුව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් මෙවර යාපනය, කූරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ධාවනය වීම මේ මස 23 දා අලුයම 05.00 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම කච්චතිව් බලා යාමට යාපනය, කූරිකඩ්ඩුවාන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x