පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුම් උත්සන්න වෙයි . . .

පැපුවා නිව් ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ, ගෝත්‍රික ගැටුමකදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් රැසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගත වුණු සතිඅන්තයේ එහි එංගා පළාතේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂට පත්ව ඇතැයි බලධාරීන් මුල්වරට සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් පසුව නිකුත් කෙරුණු වාර්තාවල දක්වා ඇත්තේ, වැරදි ලෙස සිදු වූ ගණනය කිරීමක් හේතුවෙන් එම මියගිය සංඛ්‍යාව 26ක් ලෙස සංශෝධනය විය යුතු බව ය.

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩා විඳ තිබුණ ද මෙම ඝාතන වසර ගණනාවකට පසු එහි සිදු වූ දරුණුතම ඝාතන බව විශ්වාස කෙරේ.

මහා පරිමාණයෙන් නීතිවිරෝධී ගිනි අවි ගලා ඒම හේතුවෙන් ගැටුම්වලදී සිදුවන ජීවිත අහිමිවීම් ඉහළ ගොස් ඇති අතර එමගින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම ද උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා පෙන්වා දෙන්නේ, උග්‍රවන ගෝත්‍රික ගැටුම් සඳහා ඉඩම් සහ ධනය බෙදා ගැනීම හේතු වන බව ය.

ඒ හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූලි මාසයේදී එංගා පළාත මාස තුනක කාලයක් වසා දැමීමට සිදු වූ බව ත් එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව ත් එම වාර්තාවල දැක්වේ.

මෑතකාලීන ගැටුම් සඳහා ගෝත්‍ර 17ක් සම්බන්ධ වී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවන්ට පැවරී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව උසම මිනිසා මිටිම ගැහැනිය හමු වෙති . . .

Wed Feb 21 , 2024
ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම ගැහැනිය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජොයිති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් මේ අසාමාන්‍ය පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x