වාරය සේවකයෝ වැඩ වරති . . .

වාරය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී  “උපයන විට බද්දට” යටත් වීමට සිදුවීම මීට හේතුව වී තිබේ. 

වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා ලැබෙන දීමනාව පඩිය හා සමාන බව පැවසේ.

රුපියල් ලක්ෂයට වඩා මාසික වැටුපක් ලබා ගන්නා සේවකයින් උපයන විට බද්දට යටත් වන බැවින් අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී වරාය සේවකයින්ටද මෙකී බද්ද ගෙවීමට සිදු වී ඇත.

වරාය වෘත්තිය සමිති පවසන්නේ මෙකී වැඩ වර්ජනයට තමන් කිසිසේත් සම්බන්ධ නැති බවයි. සේවකයින් පෞද්ගලිකව මෙම වැඩ වර්ජනයේ නිරතව ඇති බව ඔවුහූ වැඩි දුරටත් පවසති.

කෙසේ වෙතත් වැටුප සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියා මාර්ග ගත නොහැකි බවට වරාය සේවකයින්ට මින් පෙර අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා ඇත. ඒ අනුව මෙම වැඩවර්ජනයේ නිරත වූවන් සේවය පැහැර හැරීම මත වැඩ තහනම් කිරීමට හා අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට වරාය කළමනාකාරීත්වය තීන්දු කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වී කොල්ලය පටන් ගනී . . .

Thu Feb 22 , 2024
මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට තිබියදීත් ගොවි බිම් වෙත පැමිණ වෙළෙඳුන් එය නොතකමින් ඔවුන්ට අභිමත මිල ගණන් යටතේ වී මිල දී ගනිමින් සිටින බවට ගොවීහු මැසිවිලි නගති. මේ දිනවල වැසි ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළන සමය නිසා එම අස්වනු මිලට ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x