ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන් . . .

ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි.

එම ඇනකොන්ඩා සර්ප විශේෂය උතුරු කොල ඇනකොන්ඩා සර්පයින් ලෙස එම විද්‍යාඥයන් කණ්ඩායම නම් කර ඇත.මෙම වර්ගයට අයත් ඇනකොන්ඩා සර්පයින් සම්පූර්ණයෙන් වැඩුණු පසු දිගින් මීටර් 7.5 ක් වන බවත් බරින් කිලෝ ග්‍රෑම් 500 ක් පමණ වන බවත් එම විද්‍යාඥයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.මීට පෙර ඇනකොන්ඩා විශේෂ 4 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශාලතම ඇනකොන්ඩා සර්පයින් විශේෂය කොල ඇනකොන්ඩාවන විය.

මෙම නව සොයා ගැනීමත් සමඟ කොල ඇනකොන්ඩා විශේෂය කොටස් දෙකකට බෙදීමට සිදුව ඇති අතර ඒ අනුව දකුණු සහ උතුරු ලෙස කොල ඇනකොන්ඩා විශේෂය වර්ග කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වැසේ . . .

Sat Feb 24 , 2024
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.   මේ සඳහා බලපා ඇති හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x