වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව . . .

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී  රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.

2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ  වැඩිම පොලී ගෙවන රට බවට පත්විය. රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව මහ බැංකු වාර්තා හෙළිකරයි.

2020 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලෙබනනය පළමු ස්ථානයට පත්ව තිබිණ. එරට රාජ්‍ය ආදායමෙන් සියයට අනූපහක මුදලක් ණය පොලිය සඳහා ගෙවා තිබිණ.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව පෙනී යන්නේ යැයි අතුකෝරළ කීවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත උපන් දියණියගේ ඡායාරූප . . .

Sun Feb 25 , 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත ඡායාරූපයක් සමගින් මින් ඉහත දීත් ‘ගගන’ අප වාර්තා කළා. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස ගේ දියණිය ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙන්නේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසයි. රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් දරු සුරතල් බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x