අලුත උපන් දියණියගේ ඡායාරූප . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත ඡායාරූපයක් සමගින් මින් ඉහත දීත් ‘ගගන’ අප වාර්තා කළා.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස ගේ දියණිය ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙන්නේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසයි.

රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් දරු සුරතල් බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබුණා.

ඒ සමයේ මේ ඡායාරූපය ද මේ කතාබහ ඇතිවෙන්න තරම් ප්‍රධාන හේතුවක් වූබවනම් නොරහසක් නොවෙයි.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට පක්ෂ විපක්ෂ බේදයක් හෝ නොමැතිව බොහෝ දෙනෙක් සුභාශිංසන එක්කොට ඇති අයුරු ද සමාජ මාධ්‍ය තුළ අපට දකින්නට ලැබුණා.

මේ අනුව, ජලනි ප්‍රේමදාස සහ කුඩා දියණිය සිටින නවතම ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

ජලනි ප්‍රේමදාස සිය දියණිය හා කිසියම් පිංකම් අවස්ථාවක් සඳහා සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය සංසරණය වෙමින් පවතී.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතානායකට එරෙහි විශ්වාසභංගය යෝජනාවක් . . .

Mon Feb 26 , 2024
මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x