ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී . . .

ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.  නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ.

අඩි 20ක් දිග බහාලුම් 22ක් සහ අඩි 40ක් දිග බහාලුම් 19ක් නිෂ්කාෂණය කර ගැනීමට තිබේ. විවිධ රටවලින් ආනයනය කරන ලද ඹෟෂධ එම බහාලුම්වල ඇතුළත්ය. ඉන් ඇතැම් ඒවා නිෂ්කාෂණය කර ඇතැත් මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශයට ගෙනවිත් නොමැත.

සාම්පල් පරීක්ෂා කිරීමේ ප්‍රමාද හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීම් ප්‍රමාද වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

මෙරටට ගෙන එනු ලබන ඹෟෂධ මේ වනවිට හොඳින් පරීක්ෂා කිරීම ඊට හේතු වී තිබේ.

ලිපිගොනුවල පවතින අඩු පාඩු ද ඒවා නිෂ්කාෂණය කර ගැනීම ප්‍රමාද හේතුවී ඇතිබව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාතාලයෙන් බේරෙන්න IP රට හැරයයි . . .

Wed Feb 28 , 2024
පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මෙරටින් පිටව ගොස් තිබෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බවයි වාර්තා වන්නේ. පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x