රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි . . .

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රීයේ ඔහු මියගිය බව පවුලේ ඥාතීන් පවසන අතර 1925 වසරේ අප්‍රේල් මස 11 දා මොරටුවේ දී උපත ලැබූ රොනී ද මැල් මිය යනවිට 99 වැනි වියේ පසුවිය.

ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා තිබෙන ඔහු විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබේ. අතිදක්‍ෂ පරිපාලන නිලධාරියකු වූ මැල් මහතා ඉන් අනතුරුව ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රොනී ද මැල් නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. 2004 වර්ෂය දක්වා ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 1960 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ වන ඒ මහතා 1965 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බිබිල ආසනයට තරග කළේය. පසු කලෙක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ මැල් මහතා 1977 මැතිවරණයේ දී දෙවිනුවර ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් විය. රොනී ද මැල් රජයේ අය-වැය ලේඛන 11ක් ඉඳිරිපත් කළ අතර විවෘත ආර්ථිකය ඇති කිරීමේ පුරෝගාමියා ද වූයේය. 2005 වසරේ දී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළේය.

මිය යනවිට 99 වැනි වියේ පසුවූ රොනී ද මැල් ගේ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉදිකටුපහනෙන් කාන්තාවක් අතුරුදන් වෙයි . . .

Wed Feb 28 , 2024
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වී ඇති බවට එම කාන්තාවගේ ඥාතින් විසින් මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර ඇති අතර , එම පැමිණිල්ලේ පිටපතක් නල්ලතන්නිය පොලිසිය වෙත යොමු කර ඇත. මැල්සිරිපුර මඩහපොල කන්ද ප්‍රදේශයේ සිට ඉකුත් (23) දින 53 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි පාද නඩයක් හැටන් මාර්ගය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x