නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගමු විශ්ව විද්‍යාල සිසුවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ අද(07) නියෝග කළේය.
සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් කිසිදු අනර්ථයක් සිදුකර නොමැති බව පොලිසිය මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ පැනයට පිළිතුරු දෙමින් පැවසීය.
මෙලෙස රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත නිදහස් වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් සහ සබරගමු විශ්වවිද්‍යාලයේ බුද්ධික නිමල ප්‍රභාෂ් සැකකරුවන්ය. බොරැල්ල පොලිසිය මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
- රෝෂන් තුෂාර