ශ්‍රී ලංකාව තෙවන විනිසුරුට එරෙහි වෙයි . . .

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවන විනිසුරුවරයා එය නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට කළේ ය.

තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් වේ.

සිව්වන පන්දුවාරයේ පළමු පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී කුසල් මෙන්ඩිස් රැකගනු ලැබූ අතර පිටියේ විනිසුරුවරයා සෞම්‍ය ශංකර් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කළේය.

Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙණුම් කළද තෙවැනි විනිසුරු තීරණය කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමටය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අම්බානි පවුලේ විවාහයට ලංකාවෙන් ගිය සූපවේදීන් . . .

Thu Mar 7 , 2024
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි ගේ බාල පුත් ආනත් අම්බානි ( Anant  Ambani ) ගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07)  උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ . ඔවුන් ” සිට්‍රස් ” ( […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x