ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට . . .

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව සහ කන්කසන්තුරේ මුහුදු සීමාවේදී ඊයේ (09) රාත්‍රී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරේ ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව පැවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුදු මැස්සා පොල් වගාවට හානි කරයි . . .

Sun Mar 10 , 2024
වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.   පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම ප්‍රදේහ වල සුදු මැස්සාගේ හානිය පවතින බව නිරීක්ෂණය වී තිබේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලත් සුදු මැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x