ප්‍රධාන වෙසක් උත්සවය ධවල මන්දිරයේ . . .

මෙවර අමෙරිකාවේදී පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය එරට ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සැමරීමට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ.

වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය දා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කරගෙන ඇත.

අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහගේ නිල නිවසේදී මෙම රැස්වීම පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ධවල මන්දිරය, අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සහ වොෂින්ටන් ඩී.සී.හි තානාපති කාර්යාල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් එක්ව ඇත.

මෙවර වෙසක් උත්සවය අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී පැවැත්වීමට තානාපති සමරසිංහ මෙම රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව මොංගෝලියාව, කාම්බෝජය යන රටවල තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති වැන්ග්මෝ ඩික්සි අනුමත කර තිබේ.

වෙසක් දින සැමරුමට ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහභාගිත්වය ලබාදෙන ලෙසට තානාපති මහින්ද සමරසිංහ ධවල මන්දිරයෙන් ඉල්ලා ඇත.

  • Amith Maduranga Gamage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

EPF පොළී අනුපාත සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකුගෙන් පෙත්සමක් . . .

Thu Mar 14 , 2024
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x