පාර්ලිමේන්තුව විසුරුවීම ඇණහිටී . . .

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී නැති අතර එම පාර්ශවයෙන් අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය නියමිත පරිදි නියමිත කාලයේදී පැවැත්වෙන බවයි.

නමුත් පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තු මැතිවරණයක් වේලාසන පැවැත්වීම සඳහා සැලසුම් කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් සම්මත කර විසුරුවා හැරීම සඳහා පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

නමුත් ඊට අවශ්‍ය ප‍්‍රමාණයට මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීමට නොහැකි වීම මත මෙම සැලසුම නැවතී ඇති බවද දැනගන්නට ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මන්නාරම සමූහ මිනී වලේ නඩුව යළි මතුවෙයි . . .

Wed Mar 13 , 2024
මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත්  කේ.එල්.එම් සජීත් ඊයේ (12)  නියෝග කළේය. එම නියෝගයට අනුව මහාචාර්ය රාජ් සෝමදේව , මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා , පළාතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x