කෙහෙළියට ඇප දීම ප්‍රතික්ෂේප කරයි . . .

නඩු විභාගය අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 14) නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අවසන් වරට අධිකරණය හමුවට ඉදිරි පත් කර තිබුණේ මාර්තු 1 වන දා ය.

  • Kumudu Upul Shantha
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නවලෝක රෝහල වෙන්දේසි කිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ . . .

Thu Mar 14 , 2024
නවලෝක රෝහල් සංකීර්ණය හා දේපොළ වෙන්දේසි කිරීමට සීමාසහිත හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය. නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද යළි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x