EPF පොළී අනුපාත සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකුගෙන් පෙත්සමක් . . .

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවීම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොන් කළේය. 

එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ  සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාතය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පොලී අනුපාතය පිළිබඳ තොරතුරු තමා විසින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ බවයි. ඊට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය අර්ධ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා සියයට 09 ක පොලී අනුපාතයක් ගෙවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 29.27% ක පොළියක් ගෙවන බවත් සඳහන් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

පසුව මෙම විශමතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලද ඉන් සහනයක් අත්වී නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.

මේ තුළින් රටේ වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ. එමෙන්ම සේවක අර්ථ සාධක  අරමුදලේ සාමාජිකයින්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට වාර්ෂික පොලී අනුපාතය 11%ක අගයක පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටි.

ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ සිටින සෑම සාමාජිකයෙකුට රුපියල් 10 ක් බැගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළියට ඇප දීම ප්‍රතික්ෂේප කරයි . . .

Thu Mar 14 , 2024
නඩු විභාගය අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 14) නියෝග කර තිබේ. ඒ, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. එහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x