විදුලිය පාඩුවට දෙන්න එපා . . .

විදුලි බල මණ්ඩලයට අලාභයක් නොවන ලෙස විදුලි ගාස්තු පවත්වාගෙන යන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව මිල සූත්‍රයකට අනුව ගලපා පාඩු නොවන ලෙස විදුලි බිල්පත් ලබා දෙන ලෙසද ඔවුන් යෝජනා කර ඇත.

රජය යෝජනා කර ඇති විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අදහසක් පළකර නැති අතර රජයේ මුදල් වැය කර කර විදුලි බලය පාඩුවට අලෙවි නොකරන ලෙසද ඔවුන් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් රජය මේ වෙන විට තීරණය කර ඇත්තේ පවතින තත්ත්වය මත මණ්ඩලයට පාඩුවක් නොවී යම් මුදලක් විදුලි ගාස්තුවෙන් අඩු කිරීමටයි.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණය දුන් දඬුවම . . .

Mon Mar 18 , 2024
හෙරොයින් ග්‍රෑම් 2.42 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ආරුමුගම් සෙබස්තියන් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ. අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x