සාලිය පීරිස්ගේ ආරක්ෂාව වහා තහවුරු කරන්න . . .

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස්  ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි.

විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය. ඒ, වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙයි. එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ගය හරහා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලීසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි. මෙරටින් පැනගොස් විදෙස්ගතවී සැඟව සිටි මෙම අපරාධකරුව පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පසුගිය 15 වනදා ඔහුව දිවයිනට රැගෙනආ අතර ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි විය.

මේ වනවිට එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා පරීක්ෂණ සිදුකරමින් පවතී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුවටත් බිත්තර හිඟවේ . . .

Fri Mar 24 , 2023
“බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 23) පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් බිත්තර සම්බන්ධව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර: “දියර බිත්තර ගෙන්වීමට යනවා. දියර බිත්තරවලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x