විමල් වික්‍රමසුරේන්ද්‍ර දිවියට සමු දෙයි . . .

ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ මනස්කාන්ත පිත්තල කැටයම මෙන්ම සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් ඔහුගේ නිර්මාණ වේ.

මෙරට රාජ්‍ය නායකයෙන් රැසක් නිර්මාණකරණයේදී ඔහු සමීපව ඇසුරු කොට ඇති අතර ඉන් කීප දෙනකු ඔහුගේ කළුතර නිවසටද පැමිණ ඇත .

මෙරට පළාත් සභා කීපයකම සෙංකෝල ඔහුගේ නිර්මාණයන්‍ ය. ඒ නිසාම ඔහුගේ නිවස “සෙන්කෝල ගෙදර ” ලෙස හැඳින්වීමට කළුතර ජනතාව පුරුදුවී සිටියහ.

මෙරට කලාකරුවන් සඳහා පිදෙන සෑම සම්මානයකින්ම ඔහු පිදුම් ලබා තිබුණි .

විශිෂ්ඨතම කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාගේ දේහය කළුතර දූව පංසල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18) සවස 6.00 ට වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කෙරේ .

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුටින්ට අතිවිශිෂ්ට ජයක් . . .

Mon Mar 18 , 2024
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x