මම දේවාලයට එනවා . . .

‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායක ‘අරුණ’ ට පැවසීය.

එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21 වැනිදා) පියවර ගන්නවා’’ යැයිද හෙතෙම පැවසීය.

‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද හෙතෙම සඳහන් කළේය.

රුහුණු මහා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට පෙරේදා (18 වැනිදා) සිට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ගබඩා භාරව සිටි චූටි කපුරාලට බස්නායක නිලමේ විසින් ලිඛිතව දැනුම් දී තිබේ. රන් තැටියක් පූජා කළා යැයි කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් එවැනි දෙයක් පූජා නොකළ බවට පසුව ප්‍රකාශ ලබාදී ඇති බවද ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක ‘අරුණ’ ට පැවසීය.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා / තුෂාර සම්පත් ජයරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව ප්‍රීතිමත්ම රට ෆින්ලන්තයයි . . .

Wed Mar 20 , 2024
ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත. මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ. අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි. එසේම පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු 20 න් ඉවත්ව ඇත. ඔවුන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x