ඉහල ගිය බිත්තරේ පහලට . . .

දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර‍ පැවසීය.

දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිංගප්පූරු භාණ්ඩ රැසක බදු අඩු කරයි . . .

Sun Mar 31 , 2024
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x