කෙහෙළියට ඇප නෑ . . .

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමාව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම් පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක අද (අප්‍රේල් 3) ප්‍රතික්ෂේප කළේ ය.

සැකකරුට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවට තීරණය කරමින් විනිසුරුවරයා එම ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළේ ය.

එම ඇප අයැදුම් පත්‍රයයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් නොකර ම එය ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

අද මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියෝග කළේ ය.

  • Hansi Nanayakkara
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චීනෙන් ආ ලොකු ලූනු . . .

Wed Apr 3 , 2024
ඉන්දියාව ලූනු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කර ඇති අතර, චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියා සිටිති. ඉන්දියානු ලොකු ලූනු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ලූනු ආනයනය කෙරුණු අතර, මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x