සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් . . .

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇතැයි ස‍ඳහන්වේ.

ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. සිද්ධිය විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ තිබුණි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ද සල්මන් ඛාන්ට තර්ජනය කරමින් ඔහුගේ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් ලැබී තිබිණි.

අනතුරුව මුම්බායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවක් ලෙස හඳුනා ගැනුණු ලෝරන්ස් බිෂ්නෝයි සහ ගෝල්ඩි බ්‍රාර්ට යන පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන තිබිණි.

 

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස්ගත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අත්හිටුවයි . . .

Tue Apr 16 , 2024
මෙම වර්ෂයට (2024) අදාළ වලංගු ජීවිත සහතික ලබානොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් හාරසිය අසුපස්දෙනකුගේ (485) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත. විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x