ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ . . .

 

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස, මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා කැළණිය , දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිමි පුද්ගලයා 36 හැවිරිදි වේ. කාන්තාව 35 හැවිරිදිය.

මෙහි පිරිමි පුද්ගලයා තම බිරිඳගේ ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ බැංකු පිහිටි ප්‍රදේශයට පැමිණ , දෙස් විදෙස් සංචාරකයන් තම ගමන් මලු පසෙක තබා , ඔවුන් රැගෙන එන විදේශ මුදල් එම බැංකු වලින් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරමින් සිටින අවස්ථා වලදී , ඔවුන්ගේ අවධානය මුදල් මාරු  කිරීම පිළිබඳ යොමු වී පවතින අවස්ථාවේ, මොහු ඔවුන්ගේ ගමන්  මලු රැගෙන පළා යාම සිදු කිරීම කර තිබේ .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බෝට්ටුවේ සිදු වූ දරු ප්‍රසූතිය . . .

Sun Apr 21 , 2024
බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් වාර්තා වේ. ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇත. ඇය ප්‍රථමයෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. ඒ අනුව යාපනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x