විදේශීය මත්පැන් සමග තිදෙනෙක් කටුනායකදි කොටුවෙයි . . .

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ( Green Channel) ඔස්සේ  පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද ඊයේ (09) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ – 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් ඊයේ (09) දින පස්වරු 04.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට, ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි.

එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

ඔවුන් සිය ගමන් මලු තුළ ලීටර් එකේ ලේබල් – 5 වර්ගයේ විස්කි බෝතල් 124 ක් සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ තුළින් ඕනෑම ගුවන් මගියෙකුට මත්පැන් ලීටර් 2.5 ක් නීත්‍යානුකූලව පිටතට රැගෙන යා හැකිය. එහෙත් මොවුන් ලීටර් 124 ක් රැගෙන යමින් තිබුණි.

මෙම මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගය ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනා ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

  • ටී.කේ.ජී.කපිල – කටුනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෙසක් සැරසිලි මිල ඉහලට . . .

Fri May 10 , 2024
වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ මෙවර 30%කින් පමණ ඉහළ ගොස් ඇතිබව වෙළදුන් පවසයි. ඉහළ ගිය වෙසක් සැරසිලි අතර කුඩා විදුලි පහන් වැල් ,වෙසක් කූඩු සහ ඇතැම් බකට් පවතියි. ඒ අනුව රුපියල් 200 පැවති කුඩා විදුලි පහන් වැලක් රුපියල් 300ත්350 අතර මිළක පවතියි. වෙසක් කූඩුවක මිල ද රුපියල් 100 ආසන්න මිලකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x