කාලිංගට රන් පදක්කමක් . . .

ජපානයේ ඔසාකා නුවර පිහිටි යංමාර් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 11 වැනි “කිනාමී මිචිටාකා අනුස්මරණ අභියෝග ශූරතා” ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක්වූ කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

අදාළ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා කාලිංග කුමාරගේ ගත කළ කාලය තත්. 45.92 කි. මංතීරු අංක 05 යටතේ තරග වදිමින් ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට කාලිංග කුමාරගේ සමත් වන අතර වාරයේ දී දෙවන ස්ථානය හිමිකර ගැනීමට ඉටෝ රිකායෝ සමත් වූයේ තත්. 46.09 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. තත්. 46.61 කින් තරගය නිමා කළ මසාටෝ මෝරී ට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගි වූ නදීෂා රාමනායකට සිව් වැනි ස්ථානය හිමි විය. නියමිත දුර ප්‍රමාණය නිමා කිරීමට නදීෂා රාමනායකට ගතවූ කාලය තත්. 54.02 කි.

එකී ඉසව්වේ ඉහළම දක්ෂතාව සටහන් වූයේ 53.56 ක් ලෙසිනි.

ආසියාතික වාර්තා ලාභී තරුෂී කරුණාරත්න ඊයේ (12) කාන්තා මීටර් 800 ඉසව්වට අසනීප තත්ත්වයක් හේතුවෙන් සහභාගි නොවූ බව වාර්තා වේ. එම ඉසව්ව ජයගැනීමට රින් කුබෝ හට ගත වූ කාලය මිනිත්තු 02.05.11 කි.

  • අනුරුද්ධ හේරත් බණ්ඩාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් . . .

Mon May 13 , 2024
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති. විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x