ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවික නිල […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන සියලු වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂට හිමිවීමට නියමිතයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව, බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) සංවිධායකවරයා ලෙස පත් වීම භාර ගෙන ඇත. මෙම තනතුරට අදාල පත්වීමේ ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් ලබා ගන්නා ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන දහම් සිරිසේන පවසන්නේ තමා කෙරෙහි විශ්වාසයය තැබූ සියලු දෙනාගේ විශ්වාසය උපරිම […]

දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත. 12% ක්ව පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.