ජලාශ පිරිලා! දෙසැම්බර් වෙනකම් විදුලි කප්පාදුවක් නෑ -සභාපති ජනක රත්නායක! පැය 8ක් කරන්ට් කපන්න ‌වේවි -ඇමැති කංචන!

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබේ නම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක  පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක , ‍

“පසුගිය සතිය ඇතුළත අපි කිව්වාට දෛනික විදුලි කප්පාදුව පැයක් කියලා ඒ පැයවත් කැපුවේ නැහැ. පසුගිය 03 වනදා ඉඳන් අද දක්වා විදුලි කප්පාදුවක් නැහැ. ඒකට හේතුව තමයි අපිට තිබෙන විදුලිය සඳහා ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදුවෙන්න ඕනේ නැහැ.  05 වනදා සැපයුම වැඩිවෙලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ ගල්අඟුරු ප්‍රශ්නය ආවේ නැත්නම් දෛනික විදුලි කප්පාදුව පැයක් තියෙනවා කිව්වොත් ඒ පැය කරන්නෙත් නැහැ. ඒ තිබෙන අවශ්‍ය ජල ප්‍රමාණය, ඒ වගේම ගල්අඟුරු ප්‍රමාණය තියෙනවා නම් එලඹෙන දෙසැම්බර් මාසය වෙනතුරු විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවට ඇතිවෙන්නේ නැහැ.”කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය

කංචන විජේසේකර පවසන්නේ මේ වන විට රට තුළ පවතින ගල් අඟුරු තොගය විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් වන්නේ ඔක්තොම්බර් 15 වනදා දක්වා පමණක් බවයි.
0
This is agreed you ?x
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඔක්තොම්බර් 15 ට පෙර ඉදිරි කාලය සඳහා ගල් අඟුරු නොලැබුණහොත් දෛනිකව පැය 08 ක් දක්වා විදුලය කප්පාදු කිරීමට සිදුවන බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

Thu Sep 8 , 2022
හිත කොණකවත් නළු උණක් තිබුණෙ නැහැ… දුෂ්ඨයෙක් නොහිටියොත් කොහොමද වීරයෙක් ඇතිවෙන්නේ… දුෂ්ඨයා නැත්නම් විසිල් ඇංකෝර් කොහෙන්ද? කිසිම දවසක මම ‘ස්ටන්ට්’ නළුවෙකු ඉල්ලලා නැහැ… ඒ පැන්න පැනිල්ලට කකුල කැඩිලා මාස 9ක්ම ඇඳේ හිටියා… අදටත්, ඒවා දකින කොට හිතට එන්නේ මාර ‘කික්’ එකක්… ගාමිණී අයියාට කොහේ ගියත් මාව නැතුවම බැහැ… එක්දහස් නවසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x