දිවයින පුරා ආප්ප, බිත්තර ආප්ප, නිෂ්පාදනය කිරීම 50% කින් අඩු වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් ආප්ප මිලදී ගැනීම සීමා කිරීම මෙන්ම ආප්ප බාස්ලාට ගෙවන වැටුප වැඩි නොකිරීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා සඳහා යොමුවීමට මෙයට හේතු වී ඇතැයි ඔහු වැඩි දුරටත් කියා […]

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 359.18 ක් වන අතර විකුණුම් මිල රු. 369.93 ක් වේ. ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 395.71 ක් වේ. සඳුදා දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුම වාර්තාගත ලෙස පහත වැටුණු අතර අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් […]

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වරෙන්තුවක් නිකුත් කළා. ඒ උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතීත්වය දරන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් තමන්ට කරදරයක් වන අයුරින් කටයුතු කළ බවට එල්ල වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ […]

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි. අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ […]

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80 කට හානි සිදුව තිබේ. ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව මැඩපවත්වනු ලැබීය. ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80 ක පුද්ගලයන් 220 ක් අවතැන් […]

තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223 මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශිය සභාවේ පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් හෙළිව ඇති තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර […]

  මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගැනීමට සමත්විය. අදාළ ගබඩාවේ සිටි වයස අවුරුදු 41 ක 48 ක පුද්ගලයන් […]

වෙළෙඳ පොළේ වාහනවල මිල ගණන් අද වන විට ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය. කෙසේ වෙතත් […]

මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද එහි සභාපති ජනක රත්නායක පැවසීය. මෙම නොගැලපෙන […]

වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති. කොස්ටා 2 (Khosta-2) යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ. වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙනි. ඒ, 2000 වසරේදීය. කෙසේ නමුත් එදා මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.