හදවත අකර්මණ්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් කෘත්‍රිම හෘද ස්පන්දනය ලබා දෙමින් කළ සිසේරියන් සැත්කමකින් පසු බිළිඳා සහ මව බේරා ගැනීමට හලාවත මහ රෝහලේ කාර්ය මණ්ඩලය සමත්ව තිබේ. මේ මව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති අතර ඇගේ දරු ගැබට සති තිස්දෙකක කාලයක් ගතව තිබී ඇත. මව හලාවත රෝහලට ඇතුළත් කර […]

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය. කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුව ඇති බවද […]

රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කළේය. ආයතනයේ ප්‍රශ්න ⁣පිටට නොදී ආයතනය  ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව ඔහුද පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් […]

සාරි ඇතුළු ඇඳුම් වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම අවසර දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සදුදා දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම චක්‍රලේඛය […]

දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගත්තේ දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා පසුගිය වසරේ දී රුපියල් කෝටි හත්සියයක් වැය කර තිබෙන නිසා බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවසීය. ඒ වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් […]

සිපෙට්කෝ ඉන්ධනහල් වලට ඉන්ධන ලැබීමට පෙර මුදල් ගෙවීමට සිදුවීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ඊයේ (21 දා) පැවසීය.  අද (22 දා) දින සවස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සමග සාච්ඡාවක් සිදුකරන බවත් එහිදී තම ගැටලු ඉදිරිපත් කරන බවත් ඔහු කීය. කිව් […]

2022 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් […]

ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය. ඔහුගේ පළමු කෘතිය වූ “ආදර ගඟ ගලන දෑස” නවකතාව 1968 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක් තුළ ලියූ නවකතා ගණන 68 කි. ‘සිත්තරෙකුට පෙම් බැඳ’, ‘දෙමස්සිනෝ’, ‘මිහිඳුම් […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිටි කබරයෙකු බේරීමට යාමේදී සිදුවු අනතුරකින් වාහන 04 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරු සිදුව ඇත්තේ කිලෝමීටර් 4.2 ප්‍රදේශයේදීය. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට තිබෙන මංතීරුවේ සිදුවූ රිය අනතුරකින් මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් ආහාරයට ගනිමින් සිටි කබරයෙකු දුටු ලොරි රියදුරා එම කබරයා බේරීමට එකවරම […]

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පහත රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද අවධානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.