රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවතේ, 4000 කට රැකියා නෑ . . .

රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව භාර සමාගම ඉදිකිරීම් කටයුතුවලින් ඉවත් වීම නිසා එම මාර්ගයේ වැඩ නැවතී තිබේ. මාර්ග සංවර්ධ අධිකාරිය ව්‍යාපෘති මුදල් නොගෙවීම නිසා මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. රත්නපුර හා පැල්මඩුල්ල අධිවේගී මාර්ග පද්ධතියට යා කරන රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු 2016 වසරේ දී ආරම්භ වූ අතර එම මාර්ගය අදියර හතරක් යටතේ සැලසුම් කිරීමට සැලසුම් කර ඇත.එහි පළමු අදියර ලෙස කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක කොටසේ ඉදිකිරීම් සිදුවෙමින් පවතිනි. පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 54ක් ගෙවීමට මාර්ග සංවර්ධන අධිකරිය හා ව්‍යාපෘතිය සිදු කරන පුද්ගලික සමාගම එකඟතාවකට පැමිණ ඇත.ඒ ගෙවීම් සිදු කිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය ද පාර්ශවකරුවෙකු කරගනිමින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් සමඟින් මාර්ග සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇත.

කෙසේ වෙතත් රට තුල පවතින තත්ත්වය හමුවේ ව්‍යාපෘතියේ පළමු අදියර නිම කිරීම සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ව්‍යාපෘති සමාගම විසින් ඉල්ලා සිටීමත් මෙම ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යාම වෙනුවෙන් මුදල් බැර කිරීමට ගිවිසුම් ගත රාජ්‍ය බැංකුවද ප්‍රතික්ෂේප කර සිටීමත් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා එච්.ජී.එන්. ප්‍රේමකාන්ති පැවසුවාය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා සේවයේ යොදවා සිටි ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකවරුන්, වැඩ පාලකවරුන්, යන්ත්‍ර ක්‍රියාකරුවන්, සුපවයිසර්වරුන් සහ කම්කරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 4000ක පමණ රැකියා අහිමිවී ඇතැයිද මේ නිසා 20000ක පමණ පිරිසකගේ ජීවනෝපාය අහිමිව ගොස් ඇත.

එෆ්.අස්ලම්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවයි . . .

Thu Oct 20 , 2022
කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (ඔක්. 22) පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (ඔක්. 23) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවනු ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x