අලුත උපන් දරුවන් මාරු කරයි . . .

අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරුවෙකු මාරුකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, ශ්‍රීපුර පදිංචි 32 හැවිරිදි මවකි.

අත්අඩංගුවට ගෙන ඇති මෙම මවත් ගලෙන්බිදුණුවැව, තෝඩාමඩුව, සිවලාකුලමේ පදිංචිව සිටින 42 හැවිරිදි මවක් එකමදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කොට තිබේ.

එම දරු ප්‍රසූතියෙන් පසුව දරුවන් දෙදෙනාම සුතිකාගාරයේ දරුවන් උණුසුම් කිරිම සදහා එක ස්ථානයේ තබා සිටියදි තමා බිහිකළ පිරිමි දරුවා ගැහැණු දරුවෙකුට මාරුකරන ලද බවට ගලෙන්බිදුණුවැව, තෝඩාමඩුව සිවලාකුලමේ පදිංචි 42 හැවිරිදි මව විසින් රෝහල් පොලිසියට සිදුකළ පැමිණිල්ල මත වැඩිදුර පරික්ෂණ කටයුතු අනුරාධපුර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මගින් සිදුකොට පදවිය, ශ්‍රීපුර පදිංචි 32 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බව පොලිසිය පැවසිය.

එම මව රුපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදාහැර ඇති අතර වැඩිදුර නඩු විභාගය 2023 මැයි මස 22 දින සිදුකිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඩි.ආර්.ඩබ්.බස්නායක ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක්  වැඩිදුර පරික්ෂණ පවත්වති.

  • දයාරත්න ඇඹෝගම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාලන මිල ඉක්මවා යන බිත්තරය . . .

Sun Nov 6 , 2022
බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි. බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම සහ පාලන මිල ඉක්මවා ඔහුන් විසින් සුදු සහ රතු බිත්තර වෙලදපොලට නිකුත් කිරිම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ. ඒ අනුව සුදු බිත්තරයක් රු 54/= , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x