නොරොච්චෝලේ යලි සක්‍රියවේ . . .

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (14) දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බලමණ්ඩලය පවසනවා.

එහි නඩත්තු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර, එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300 බැගින් උත්පාදනය කෙරෙන ජනන යන්ත්‍ර 03 කින් සමන්විතයි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 වසරේ මැයි මස 11 වැනිදා ඇරඹුනු අතර, එහි පළමු අදියර 2011 මාර්තු 22 වැනදා විවෘත කෙරුණා. එහි දෙවන සහ තෙවන අදියර 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600 ක් එකතු කරමින් විවෘත කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත්, ගල් අඟුරු නෞකා 03 ක් පමණක් මේ වනවිට විදුලිය උත්පාදනය සඳහා දිවයිනට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03 ම ක්‍රියාත්මක වන්නේ නම් එම ගල් අඟුරු තොගය දින 24 කට පමණ ප්‍රමාණවත් වන අතර, ජනන යන්ත්‍ර දෙකක් පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රමාණවත් වන්නේ දින 30 කට පමණයි.

මේ අතර, බොරතෙල් මිලදී ගැනීම හරහා සපුගස්කන්ද පිරිපහදුව වෙනත් පාර්ශවයකට ලබාදීමේ සූදානමක් පවතින්නේ දැයි සැක මතුවන බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පවසනවා. බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවකට මුදල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා මුදල් ගෙවීමට සංස්ථාව රුපියල් සොයාගත්තත්, මහ බැංකුවෙන් ඩොලර් නොලැබීම හේතුවෙන් තවදුරටත් ඊට මුදල් ගෙවා ගොඩබෑමේ කටයුතු සිදුකරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර කියා සිටියේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

T20 කුසලානය එංගලන්තයට . . .

Sun Nov 13 , 2022
20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අවසන් තරගයෙන් පාකිස්තානය පලදා කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙවර 20-20 ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත්විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x