අගරදගරුතුමන්ට 75 යි . . .

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වැනි ජන්ම දිනය අද (15) සමරනු ලැබීය.

කොළඹ අගරදගුරු නිල නිවෙසේ උදෑසන පැවැති ජන්මදින සැමරුමට කොළඹ පදවි සහායක රදගුරු හිමිපාණන්ලා සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද සහභාගි වී සිටියහ. 75 වැනි විය සපිරීමත් සමග අගරදගරුතුමන් එම පදවියෙන් ඉවත්වීම සම්ප්‍රදායක් වන අතර, ඊට අදාළ ලිපිය පාප්වහන්සේ වෙත යොමුකිරීමට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, පාප්වහන්සේගේ ප්‍රතිචාර ලැබෙන තුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අගරදගුරු පදවියේ දිගටම කටයුතු කරනු ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් යලි කරලියට . . .

Tue Nov 15 , 2022
දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ  මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x