බැසිල් යලි කරලියට . . .

දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ  මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් තීන්දු ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන නිසාත්, පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉඩකඩ තිබෙන නිසාත්, පක්ෂයේ පූර්ණ වගකීම තමන් සතු කරගෙන, මහා සම්මේලනයක් කැඳවා පක්ෂය ශක්තිමත් කිරීම බැසිල් රාජපක්ෂගේ සැලැස්ම බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

ඇමෙරිකාවේ සිටින කාලසීමාවේදී විටින් විට ජනාධිපතිවරයා සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇති බැසිල් රාජපක්ෂ , කැබිනට් සංශෝධනය සිදුවිය යුතු ආකාරය පිළිබඳ අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත. ඒ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වීම බැසිල් රජපක්ෂගේ මූලික අරමුණක් බවද සඳහන්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීනයෙන් ඉන්ධන නොමිලේ . . .

Tue Nov 15 , 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ  චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇත. චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x