විශාල පිරිසක් නුවරඑලියට පැමිණේ . . .

නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි.

දින කිහිපයකට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය  මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් වෙන් කරගෙන ඇත. නත්තල් සැමරිමට නුවරඑලියට පැමිණි සංචාරකයන් වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභාව විසින් පහසුකම් ගණනාවක් සලසා ඇත.

නත්තල් සමයේ නුවරඑලිය ඇතුළු කදුකර ප්‍රදේශයේ ස්ථාන නැරඹිමට වාහන වලින් පැමිණෙන සංචාරකයන් රැගත් වාහන පරික්ෂා කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහනුවර දුම්රිය ස්ථානය වැසි වතුරට යටවේ . . .

Sun Dec 25 , 2022
ඇති වී තිබෙන වර්ෂා තත්වය මත මහනුවර දුම්රිය ස්ථානය වැසි වතුරට යට වීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට හා දුම්රිය ගමනාගමන බාධා එල්ල වී ඇත. මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර තිබේ. ඒ එම මාර්ගයට පස් කඳු කඩා වැටීම් කිහිපයක් සිදු වීම මතයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x