පොලිස්පති සටන තවත් උත්සන්න වෙයි . . .

පොලිස්පති ධූරය සදහා වන සටන මේ වනවිට තවත් උත්සන්න කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නමද එම ලයිස්තුවට එකතු වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි. වත්මන් පොලිස්පති සි.ඩි වික්‍රමරත්න සිය සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිත අතර පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන තිදෙනාගේ නම් ඒ සදහා ඉදිරියෙන් පවතින බව මුලදී කියවිණ.

මේ වනවිට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පොලිස්පති ධූරය හිමිවනු ඇති බවට බොහෝ දෙනා මුලින් අනාවැකි පළ කර තිබුණත් පාස්කු ප්‍රහාරය සිදුවූ අවදියේදී බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් ඔහු කටයුතු කිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ල වී තිබිණ. නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාවෙහි කිසියම් හෝ තැනක නිලන්ත ජයවර්ධන හෝ වෙනයම් පුද්ගලයකු ඊට ඍජු වශයෙන් වගකිව යුතු බව අනාවරණය කොට නැත. එහි නිර්දේශවල සදහන්ව ඇත්තේ සමස්ත යාන්ත්‍රණයේම පවතින දුර්වලතා හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවත්, ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්ය.

ඒ අනුව දැනට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලන්ත ජයවර්ධන හට එහි කිසිදු ඍජු චෝදනාවක් එල්ල වී නොමැති වීම මුල් කරගෙන පොලිස්පති ධූරය සදහා වන නම් අතරට ඔහුගේ නමද නිර්දේශ වී ඇති ආකාරයක් වාර්තා වේ.

අදාළ පරීක්ෂණ වාර්තාවට මෙතැනින් පිවිසෙන්න.

file:///C:/Users/PC/Downloads/DOC-20230202-WA0087..pdf

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි . . .

Fri Mar 3 , 2023
ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x