ශ්‍රී ලංකාවේ නව බද්ද ඉතා හොදයි . . .

ශ්‍රී ලංකාවේ සිදු කර ඇති බදු ප්රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රසාදයට ලක් කර ඇත. බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් එල්ල වුවද ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසයෙන් නැවත ලබාගැනීමට බදු ප්රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද මුල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. බදු ආදායම් ඉහල නැංවීමෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක් වූවන් අාරක්ෂා කරන බවද නිවේදනය පෙන්වා දෙයි.

රජයේ බදු ආදායම සඳහා සහයෝගය දැක්විය හැකි කණ්ඩායම් එම බදු මුදල් ගෙවීමට ඉදිරිපත් විය යුතු බවත් මෙම බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව බවත් එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ලෝකයේ අවම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බවත් එනිසා විදේශ ණය හිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට පසුබාන බවත් පෙන්වා දෙන ඔවුන් රජයට අත්‍යවශ්‍ය වියදම් සඳහා ද මුදල් සැපයීමට හැකි වන්නේ බදු ආදායම් ලැබීමෙන් පමණක් බවද පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ට "රන් වී කරල" උපහාර තිළිණයක් . . .

Fri Mar 3 , 2023
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ප්‍රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ  පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x