මෙරට මත්පැන් සමාගම් වසා දමයි . . .

මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සමහර මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි. ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.

එමෙන්ම පසුගිය කාලයේ එතනෝල් මිල සීග්‍රයෙන් ඉහළ ගියද මේ වන විට එතනෝල් මිල පහත බැස ඇති බවත් ලංකාවේ එතනෝල් අතිරික්තයක් පවතින බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

මේ අතර මේ වන විට ලංකාවේ සියලුම භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති පසුබිමක රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අත රැඳෙන මුදල සීමාවීම නිසා මත්පැන් මිලදී ගැනීමට පෙලඹීම අඩුව ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාලදිවයින සීෂෙල්ස් දූපත්වල රක්ෂණ ශාඛා වැසේ . . .

Sat Mar 11 , 2023
රක්ෂණ සංස්ථාව  මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ශාඛා දෙක විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින්  ඒවා විධිමත් ආකාරයට වසා දැමීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත. මේ අතර රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x