නගර සභා සතු භාණ්ඩ නිවාස වලට රැගෙන යයි . . .

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල වාහනවලින් නගර සභා සතුව ඇතැම් භාණ්ඩ තම නිවාස වලට රැගෙන ගිය බව එම පළාත් පාලන ආයතන වල කටයුතු කල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසයි.

එම පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ සහ සේවකයින්ගේ සහය ඇතිව පසුගිය දින කිහිපය තුල එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවත්, තවත් පළාත් පාලන ආයතන කිහිපයකම සභාපතිවරුන් විසින් (19) දින එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවයි විපක්ෂ මන්ත්‍රිවරුන් කියා සිටියේ.

එම පළාත් පාලන ආයතන වල ඇතැම් සභාපතිවරුන් සභාවේ නිල කාලය අවසන් විමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් යොදාගනිමින් තම පෞද්ගලික කටයුතු සිදු කරගෙන ඇති බවත්, පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම සභාපතිවරුන් විසින් භාවිතා කල නිල වාහනය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කර එම පළාත් පාලන ආයතන වෙත භාරදෙන ලෙස පළාත් පාලන අමාත්‍යංශය විසින් දැනුම් දි තිබියදිත්, එසේ නොකර නිල වාහනය පළාත් පාලන ආයතන වෙත භාර දි ඇති බවයි විපක්ෂ මන්ත්‍රිවරුන් කියා සිටින්නේ.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF එඟතාවයෙන් පසු රුපියල 185/= . . .

Mon Mar 20 , 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙන බවද ජනාධිපතිවරයා කීය. “අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x