IMF එඟතාවයෙන් පසු රුපියල 185/= . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

“අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි. දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇති.එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවති සමුළුවක් අමතමින්  ජනාධිපතිවරයා මේ බව කීය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනිදු ලක්විජයගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් . . .

Mon Mar 20 , 2023
මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට වෙළඳ සේවා ක්‍රීඩා සමාජයේ ජනිදු ලක්විජය සමත් විය. ඒ තත්ත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කරමිනි. ජනිදු ලක්විජය එම වාර්තාව පිහිටවනු ලැබුවේ එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා අද (20) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුන තරග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x