ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් . . .

අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.

ඒ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ය. එම ප්‍රකාශය පහතින්,

“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයට අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධන වලින් ලබාදෙන්න කටයුතු කරනවා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හැටන් –කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් . . .

Wed Mar 22 , 2023
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් මේ වන විට විරෝධතාවක් පවත්වා තිබේ. ඒ , රිය අනතුරකින් පස් හැවිදිරි දැරියක් මිය යෑමේ සිද්ධියේදී පොලීසිය නිසි පියවර නොගත් බවට චෝදනා කරමිනි. ‍ පසුගිය 20 වැනිදා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පස් හැවිදිරි දැරියක් ජීවිතක්ෂයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x