ටෙලිකොම් සුබාෂ්කරන් අලිරාජාට . . .

ලාභ ලබමින් ව්‍යාපාර සිදු කරමින් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සියල්ල විකුණා දැමීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. ඒ අනුව එම ආයතනය විකිණීමට යන්නේ සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට බව ද හෙතෙම පැවසීය.

ඔහු දෙමළ ජාතිකයෙකු වීම ප්‍රශ්නයක් නොවුණත් කාට දුන්නත් ලාභ ලබන ආයතන විකිණිය යුතු නැති බවද හෙතෙම සඳහන් කළේය. ලාභ ලබන ආයතන විකුණා දමමින් අලාබ ලබන වන ආයතන ඒ විදිහටම පවත්වාගෙන යන බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අතර විදුලි සංදේශ සේවක සංගමය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් දෙකක් වන ආදානි හා ලයිකා මොබයිල් සාකච්ඡා පවත්වා ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රංගන ශිල්පි ලකී ගාමිණී වානගුරු අභාවප්‍රාප්තවේ . . . . . .

Fri Mar 24 , 2023
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ලකී ගාමිණී වානගුරු අභාවප්‍රාප්ත වී තිබේ. චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඔහු දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරුගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරුගේ වැඩිමල් සොහොයුරාය. ඔහුගේ අවසන් කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x