ත්‍රිපෝෂ සපයා අවසන් . . .

මාසිකව ත්‍රිපෝෂ පැකට් දහ නව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්ත ඊයේ (03) පැවැසීය.

බඩ ඉරිගු මෙට්‍රික් ටොන් එක්දහස්  දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට මාසික ත්‍රිපෝෂ අවශ්‍යතාව පැකට් ලක්ෂ 19ක් වන අතර, රටපුරා වෙසෙන සියලුම ගර්භණී කතුන්, කිරි දෙන මව්වරුන්, ළමා සහ ළදරුවන් සඳහා ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් සපයයි.

සිය සමාගම විසින් අදාල ප්‍රමිතියට සහ නිර්දේශවලට අනුකූලව ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සායන සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ තොග සැපයීමට පියවර ගෙන තිබෙන බවත් සභාපතිවරයා පැවැසීය.

  • සුනිල් රූපසිංහ – පල්ලේපොල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසර 50 කට පසුව සඳ තරණයට යන ගගනගාමීන් . . .

Tue Apr 4 , 2023
  වසර 50 කට පසුව නාසා ආයතනය සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබෙනවා. අනුව ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයකි. සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති. නාසා ආයතනයේ ‘ආටෙමිස් ටූ’ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x