කුඩු අංජුගේ ව්‍යාපාර රැසක් එළියට . . .

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල්  නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත.

ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි  මාර්ග සඳහන් කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා දී ඇතැයිද කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බවද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.

කුඩු අංජුනැමැත්තා මේ වන විට ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට තවත් සිවිල් ගුවන්තොටුපොළක් . . .

Wed May 3 , 2023
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x