පැය 8ක සේවා මුරය අහෝසියි . . .

කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් ම අහෝසි කර පැය 12ක සේවා මුරයක් ගෙනෙන්නට වර්තමාන රජයේ සූදානමක් තිබෙන බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් චෝදනා කළේ ය.

අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගන්නට කර්මාන්ත හිමියන්ට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වහා නතර කළ යුතු බව ද හෙතෙම කීය.

ලෝකයේ වෙනත් රටවල් පැය 8ක සේවා මුරය පැය 6ක් දක්වා අඩු කිරීමේ ප්‍රවණතාවක නියැළී සිටින මොහොතක මෙලෙස ලංකාව සේවකයන් පිට අධික බරක් පැටවීම අසාධාරණ බව ත් මේ හේතුවෙන් කම්කරුවන් දිනාගත් අයිතීන් උල්ලංඝණය වන බව ත් ඔහු පැවසීය.

රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විවිධ ප්‍රචාරයන් සිදු කරමින් වසර ගණනාවක් පුරා වෘත්තීය සමිති දිනාගත් ආරක්ෂණ නීති සියල්ල ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කළේ ය.

සතියකට දවස් 4ක් වැඩ කළ යුතු වන අතර දවස් 3ක් නිවාඩු ලබා දී එම නිවාඩු දිනයන් වැටුප් රහිත ඒවා බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ත්, එසේ ම, සාමාන්‍ය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දින නිවාඩුව ඉවත් කර සතියේ කුමන හෝ දවසක එම නිවාඩුව ලබා දෙන්නට අවස්ථාව සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

කම්කරු වෘත්තීය සමිති සංවිධාන සියල්ල මේ සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන බව ත් මෙවැනි යෝජනා මුල් අවධියේම පරාජය කිරීමට අවශ්‍ය පියවර සියලු දෙනා එකමුතුව ගත යුතු බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම‘ කළ විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති කීවේ එවැනි කිසිදු යෝජනාවක් කම්කරු දෙපාර්තමේන්තුව ගෙන නොමැති බව ත් මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් වාර්තා වී නොමැති බව ත් ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් මරණ ගණන ඉහළට . . .

Sun May 14 , 2023
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය 12 වන දා තව ත් කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීමත් සමග එම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මේ අතර, ඊයේ (මැයි 13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x