ජෙරොම් ප්‍රනාන්දු සමාව ඉල්ලයි . . .

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කළේ ය. ඒ ඊයේ (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ය.

ඔහු කළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක් විය. එම අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල විය.

එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා ඇති අතර වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත්, වැඩිදුරටත් ඔහු කියා සිටියේ, තමන් මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බවත් ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි . . .

Mon May 22 , 2023
පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් ය. ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත. මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය. මේ අතර රැකියාව නිසා ඇති වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x